චතුරාර්ය සත්‍යය

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

සමුදය සත්‍යයාගේ ස්වභාව සතර

මේ දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය පටිසම්භිදා මග්ග පාළියෙහි “සමුදයස්ස ආයූහනට්ඨො නිදානට්ඨො සංයොගට්ඨො පළිබොධට්ඨො” යනුවෙන් වදාරන ලද චතුර්විධ සමුදය ස්වභාවයෙන් වශයෙන් ද දත යුතු ය.

දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය යි කියන ලද තෘෂ්ණාවෙහි ස්වභාව සතරෙකි. ඔවුහු නම් (1) ආයූහනට්ඨය (2) නිදානට්ඨය (3) සංයෝගට්ඨය (4) පළිබෝධට්ඨය යන මොවුහු ය.