අභිධර්මයේ මූලික කරුණු

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

සෝභන චෛතසික

සද්ධාවය, සතියය, හිරියය, ඔත්තප්පයය, අලෝභයය, අදෝසයය, තත්‍ර‍මජ්ඣත්තතාවය, කායපස්සද්ධියය, චිත්තපස්සද්ධියය, කායලහුතාවය, චිත්තලහුතාවය, කාය මුදුතාවය, චිත්තමුදුතාවය, කායකම්මඤ්ඤතාවය, චිත්තකම්මඤ්ඤතාවය, කායපාගුඤ්ඤතාවය, චිත්ත පාගුඤ්ඤතාවය, කායුජ්ජුකතාවය, චිත්තුජ්ජුකතාවය යන මේ චෛතසිකයෝ එකුන් විසිදෙන ශෝභන සාධාරණ චෛතසිකයෝ නම් වෙති.