අභිධර්ම මාර්ගය

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

18. නිරෝධ සමාපත්ති වීථිය.

න - ද - ම - ප - උ - අ - ගෝ - ධ්‍යා - ධ්‍යා - අචිත්තක කාලය - ඵ - භ.

තීක්ෂණ ප්‍රාඥයාට මේ වීථිය පරිකර්ම ජවනය නැති ව ඇති වන්නේ ය.

නිරෝධ සමාපත්තියට සමවදින පුද්ගලයා නේවසඤ්ඤා-නාසඤ්ඤායතන ධ්‍යානයට සමවදිනා කල්හි, අනික් සමාපත්ති වීථිවල දී මෙන් ධ්‍යාන චිත්තය භවාඞ්ග චිත්තය මෙන් දිගට ම ඇති නො වී, දෙරක් පමණක් ඇති වී සිඳී යන්නේ, සිත් ඉපදීම වැළැක්වීම සඳහා කළ පරිකර්මයේ බලයෙනි. ප්‍ර‍ථම ධ්‍යානයෙහි පටන් පිළිවෙළින් ධ්‍යානයන්ට සමවැදීම හා ඒවායේ සංස්කාරයන් විදර්ශනා කිරීමත් සිත් ඉපදීම නැවැත්වීමේ පරිකර්මය ය.

අෂ්ට සමාපත්තිලාභීන් වුව ද පෘථග්ජනයන්ට හා සෝවාන් සකෘදාගාමි පුද්ගලයන්ට නිරෝධ සමාපත්තියට සමවැදිය නොහැක්කේ, ඔවුනට සමාධියට බාධක කාමරාගය අප්‍ර‍හීණ බැවිනි. නිරෝධ සමාපත්තියට සම වැදීම ඇත්තේ කාම ලෝක - රූපලෝක දෙක්හි පමණකි. අරූප ලෝකයෙහි එය නැත. රූපාවචර සමාපත්තීන් එහි නැති බව අරූප ලෝකයේ නිරෝධ සමාපත්තිය නැතිවීමේ හේතුව ය.

මහාචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිර පාදයන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගය‍ මෙතෙකින් නිමියේ ය.

චිරං තිට්ඨතු සද්ධම්මෝ.

පෙර පරිච්ඡේදයපරිච්ඡේදය 153 / 153