වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

24. ආවාස චිරට්ඨිති කාමතා මුඛෙන ආවාසමච්ඡරියං වඤ්චෙති.

ආවාසයාගේ චිරස්ථිතිය කැමති බවගේ ආකාරයෙන් ආවාස මාත්සර්‍ය්‍යය වඤ්චා කෙරේ.

තමා යම් ආවාසයක, ආරාමයක වාසය කෙරේ නම් ඒ ස්ථානය ආරක්ෂා කිරීම ද භික්ෂුවගේ යුතු කමකි. තමන් වාසය කරන ආරාමයේ හෝ ආවාසයේ අන් භික්ෂුවක් වාසය කරනු නො ඉවසන බව ආවාස මාත්සර්‍ය්‍ය නමි. ඒ ආවාස මාත්සර්‍ය්‍යය සමහර විට ආවාසය චිර කාලයක් මැනවින් පවත්වනු කැමති බැව්හි ආකාරය ගන්නේය. එයින් වඤ්චිත භික්ෂු තෙමේ ආවාසය ආරක්ෂා කිරීමේ ආකාරයෙන් අන්‍ය භික්ෂූන්ට ඒ ආවාසයේ විසීමට ඉඩ නොදීමෙන් බාධා කරන්නේ ය.