වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

අසත්පුරුෂපරිවර්ජනතා වේශයෙන් වඤ්චක ද්වේෂය

අසත් පුරුෂයන් සේවනය කිරීම නොයෙක් විපත් වලට හේතුවකි. ඔවුන්ගෙන් වෙන්ම විසීම යහපති. සමහර කෙනකුට සමහර කෙනකුන් සම්බන්ධයෙන් හටගන්නා ද්වේෂය ද අසත්පුරුෂ පරිවජ්ජනතා රූපයෙන් පහළ වේ. එයින් වඤ්චිත වූ තැනැත්තේ තමා නො සතුටු පුද්ගලයන් දුටු කල අසත්පුරුෂයන් ගෙන් දුරුවීමේ ආකාරයෙන් ද්වේෂයෙන් ඉවත බලයි. නැති තැන ඔහුට ගර්හා ද කරයි.