වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

විචෙය්‍ය දානතා වේශයෙන් වඤ්චක මාත්සර්‍ය්‍යය

දන් දියයුතු අවස්ථාව පැමිණි කල්හි මසුරා ගේ සන්තානයෙහි විචෙය්‍ය දානතා වේශයෙන් (විමසා දන් දීමේ ආකාරයෙන්) ඒ මසුරු බව පහළ වන්නේ ය. එයට රැවටුණා වූ මසුරා ප්‍ර‍තිග්‍රාහකයන්ගේ සිල් සොයන්නට වන්නේ ය. “දුකසේ සපයා ගත් මේ ධනය අස්ථානයේදී වියදම් නො කළ යුතුය. දෙතොත් දිය යුත්තේ දානය මහත් ඵල වන සැටියට ය. සිල්වතකු ම සොයා ඔහුට දෙනු මිස අනෙකකුට මේ ධනය නො දිය යුතු යැ” යි අවස්ථාව ඉක්ම වන්නේ ය. ඔහු ගේ දීමත් එයින් ම කෙළවර වන්නේ ය.