වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

26. ධම්මදෙසනාභිරතා මුඛෙන භස්සාරාමතා වඤ්චෙති.

දහම් දෙසීමට කැමති බවගේ ආකාරයෙන් කථාවට ලොල් බව වඤ්චා කෙරේ.

කතාවට ඇලුම් කරන ඇතැම් භික්ෂූහු තිරශ්චීන කතාවෙන් කාලය ගෙවති. ධර්ම කථාව බුදුන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දක් බැවින් සමහර විට කථාවට ඇලුම් කරන භික්ෂුවගේ ඒ ස්වභාවය ධර්ම දේශනාවට කැමති බව ගේ ආකාරය ගන්නේ ය. එයින් වඤ්චිත මහණ තෙමේ දහම් දෙසීමේ ආකාරයෙන් කථාවෙන් කල් යවන්නේ ය.