වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

නෛෂ්කාම්‍ය කාමතා වේශයෙන් වඤ්චක ද්වේෂය

බලාපොරොත්තු කඩ වූ ද, ප්‍රිය පුද්ගලයන් නැසුනා වූ ද, වස්තු හඞ්ගත්වයට පැමිණියා වූ ද සමහරුන් කෙරෙහි ඒ කරුණු පිළිබඳ වූ ද්වේෂය සමහර විට නෛෂ්කාම්‍ය කාමතා වේශයෙන් පහළ වේ. එයින් වඤ්චිත වූ ඇතැම් කාන්තාවෝ හිස මුඩු කොට දස සිල් සමාදන් වෙති. ඇතැම්හු ගිහි ගෙය හැර පැවිදි වන්නට සිතති. සමහර පැවිද්දෝ ද විහාරාරාමයන් හැරදමා අරණ්‍ය ගත වෙති.