වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

36. කරුණායනා පතිරූපෙන සොකො වඤ්චෙති.

කරුණා කිරීමේ ආකාරයෙන් ශෝකය වඤ්චා කෙරේ.

දුකට පත් තමාගේ හිතවතකු අරමුණු කොට කරුණා භාවනාව කරන යෝගාවචරයා ගේ සන්තානයෙහි සමහරවිට ශෝකය කරුණා වේශයෙන් පහළ විය හැකිය. කරුණා-ශෝක යන දෙකම මඳක් සමාන ධර්‍ම දෙකකි. ධර්මයන් ගේ විශේෂ විභාග නොදත් තැනැත්තා හට ශෝකය ගැන ද කරුණාවකැයි මුළාවිය හැකිය. කරුණාව කුශලාව්‍යාකෘත පක්ෂ දෙකට අයත් ධර්මයකි. ශෝකය අකුශල ධර්මයකි. එය වැඩීම කුශලය වැඩීමක් නොව අකුසල් වැඩීමකි.