වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

37. මුදිතා විහාර පතිරූපෙන පහාසො වඤ්චෙති.

මුදිතා විහාරයාගේ වේශයෙන් පහාසය වඤ්චා කෙරේ.

සත්ත්වයන් ගේ හා සංස්කාරයන්ගේ ශුභ පක්ෂය අරමුණු කොට ඇති වන්නා වූ සප්‍රීතික තෘෂ්ණාව පහාස නමි. සුඛිත සත්ත්වයන් පිළිබඳ වූ සතුටුවීම වූ ඊර්ෂ්‍යාවට ප්‍ර‍තිපක්ෂ ස්වභාවය මුදිතා නමි. මුදිතා භාවනාව කරන යෝගාවචරයන් කෙරෙහි සමහරවිට පහාසය මුදිතාවේ ආකාරයෙන් පහළවිය හැකිය.