වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

ලෝභය

නොලැබූ සැප සම්පත් ලැබීමේ ලෝභය, ලැබූ සම්පත් පවත්වා ගැනීමේ ලෝභය, සැප විඳීමේ ලෝභය යැ යි ලෝභය තෙ වැදෑරුම් වේ. එයින් නො ලැබූ සැප සම්පත් ලැබීමේ ලෝභය, පරාර්ථ කමතා දාතුකාමතාදී වෙස් ගෙන වඤ්චා කරන්නේ ය.