වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

සංවිභාගශීලතා වේශයෙන් වඤ්චක ලෝභය

තමා ලත් දෙය තමා ම භුක්ති නො විඳ අන්‍යයන් හා බෙදා වළඳන ස්වභාවය සංවිභාග ශීලතාව යි. එය උතුම් ගුණයකි. සමහරුන් කෙරෙහි පිරිස් පිරිවරා ගෙන කා බී ප්‍රීති වීමේ ආශාව සංවිභාග ශීලතා වේශයෙන් පහළ වේ. එයින් වඤ්චිත තැනැත්තේ එසේ නො කරන අන්‍යයන්ට “මසුරෝ යැ” යි නින්දා කරමින් යහළුවන් පිරිවරා ගෙන කා බී ඇවිද සෙල්ලම් කොට ධනය නැති කර ගෙන අන්තිමේ දී කිසි පිහිටක් නැති යහළුවන් නැති දිළින්දෙක් වන්නේ ය.