වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

ඊර්ෂ්‍යාව

අනුන් විඳින සැපයට, අනුන් ලබන ලාභයට, ගෞරවයට, කීර්තියට ප්‍ර‍ශංසාවට, තනතුරට නො කැමති වන ස්වභාවය, ඒවා නො ඉවසන ස්වභාවය ඊර්ෂ්‍යාවයි. එය ද සත්ත්වයන් ගේ සිත් හි නොයෙක් වෙස්වලින් පහළ වේ.