16. සච්චවාදිතා පතිරූපතාය පිසුනාවාචතා වඤ්චෙති
සත්‍යවාදිත්වයේ ආකාරයෙන් කේලාම් කියන බව වඤ්චා කෙරේ.
සත්‍යයක් හෝ වේවා අසත්‍යයක් හෝ වේවා අන්‍යයන් ඔවුනොවුන් කෙරෙහි බිඳීමට හේතු වන දෙයක් බිඳවීමේ අදහසින් කීම “කේලාම් කීම” නම් වේ. නුවණ මඳ වූ සමහරුන්ට කේලාම් කීමේ කැමැත්ත සත්‍යවාදීත්වයේ වේශයෙන් එළඹ සිටින්නේ ය. එයට රැවටුණා වූ ඔවුහු සත්‍යය කියමි යි කේලාම් කියා ඔවුනොවුන් බිඳුවති.